
හල්පිට කොට්ඨාසයේ හල්පිට ශ්‍රමදාන මාවතේ කලක සිට වැසි ජලය බැස යන කානු පද්ධතියේ පැවති අවහිරතා හේතුවෙන් වැසි ජලය පිටාර ගලා ඒ අවට ජනතාව මහත් පීඩාවට ලක්විය. මේ සම්බන්ධයෙන් හල්පිට කොට්ඨාසය නාගරික මන්ත්‍රී තරිඳු අමරතුංග මහතා විසින් සිදු කරන ලඳ ඉල්ලීමක් අනුව කැස්බෑව නගර සභාවේ වැඩ අධිකාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ කැස්බෑව නගර සභාවේ JCB යන්ත්‍රය යොදාවා සේවක මහතුන් විසින් එම අවහිරතා ඉවත් කරන ලදී.