
පැලැන්වත්ත කොට්ඨාසයේ සමුපකාර මාවතේ සිට නාගහ මාවතට දිවෙන මාර්ගයේ බෝක්කුව සහ කාණු පද්ධතියේ වසර ගණනාවක සිට ජලය නිසි පරිදි ගලා නොයැමේ ගැටළුවක් පැවති අතර එමගින් ඒ අවට ප්‍රදේශවාසින් මහත් පීඩාවට ලක් විය.එයට පිලියමක් ලෙස නාගරික මන්ත්‍රී පුෂ්පකුමාර ගොරකපිටිය මහතාගේ මැදිහත් වීම මත කැස්බෑව නගර සභාවේ JCB යන්ත්‍රය යොදවා කාණු පද්ධතිය සහ බෝක්කුව සුද්ද පවිත්‍ර කරන ලදී.