
මෙතෙක් පැවති 5 වසර ශිෂ්යත්ව සම්මන්ත්‍රණය කැස්බෑව නගර සභාව විසින් සම්මන්ත්‍රන තුනක් ලෙස සංවිධානය කර ඇත. එම සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය 2026.06.20 දින මඩපාත ශෛලතාලාරාම විහාරස්ථානයේ දී ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා,උප සභාපති මනෝධ්‍යා ගල්පායගේ මහත්මිය ඇතුළු මන්ත්‍රී වරුන් සහ කැස්බෑව මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ගුරුසිංහ මහත්මිය ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි වු අතර මෙම සම්මන්ත්‍රණය ජනිත් කටුවාවල මහතා සහ රාජරත්න මහතා යන ගුරුවරුන් දෙදෙනා විසින් මෙහෙයවන ලදී.